මහජනාධාර
- අඩු ආදායම්ලාභීන් අසරණ පුද්ගලයින්,රෝගීන්,අබාධීත අය සඳහා නිකුත් කෙරේ
- ඉල්ලුම් පත්‍රය සම්පූර්ණකොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතට ලබා දිය යුතුය. ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සමඟ සමාජ සේවා අංශයන්ට නිර්දේශ කළ යුතුය.
- අවුරුදු 60ට අඩු අයෙක් නම් අසනීප තත්වය මත අයදුම් කිරිමේදී වෛද්‍ය සහතිකයක් අවශ්‍යය
උපකරණාධාර ( රෝද පුටු/ අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු)
- අඩු ආදායම් ලාභීයකු වීම.
- අදාල උපකරණය භාවිතා කිරීම සඳහා වෛද්‍ය සහතිකයක්.
- පෝරමය සමඟ ග්‍රාම නිලධාරී නිර්දේශය.
ශිෂ්‍යාධාර
- පියා මිය ගිය අසරණ පවුල් වල දැනට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ.
- ඉගෙනගනු ලබන පාසලේ අධ්‍යාපනය ලබන බවට ලිපියක්. (විදුහල්පතිවරයාගේ අත්සන සහිතව)
- උප්පැන්න සහතිකයේ පිටපතක්
- පියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත්නම් මරණ සහතිකයේ හෝ දිවුරුම් ප්‍රකාශයක්.පියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත්නම් මරණ සහතිකයේ හෝ දිවුරුම් ප්‍රකාශයක්.
රෝගාධාර
- පිලිකා, ක්ෂයරෝග,තැලසීමියා වැනි රෝග සඳහා ආධාර ලබාදීම.
- අදාල රොගය ඇති බවට පිළිගත් වෛද්‍ය සහතිකය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පෝරමය සම්පූර්ණ කිරීම.
- ප්‍රාද්ශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදයම් ලාභීයකු බවට සහතිකයක්.
ආබාධිත නිවාස ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- අයදුම් කරු සතුව ඉඩමක් තිබීම.(එය ඔප්පුවකින් තහවරු කල යුතුය)
- ඉඩමක් නොමැතිනම් ඉඩමක් ලබාදීමට යම්කෙනෙකු කැමැත්ත ඇතිවිට ඒ සඳහා ගිවිසුම් පත්‍රය.(මෙය ප්‍රාදේශීය ලේකම් හෝ සමාජ සේවා නිලධාරියාගේ මූලිකත්වයෙන් සිදුවේ)
- අඩු ආදායම් ලාභීන් බවට ග්‍රාම නිලධාරී ලිපියක්.
- ආබාධිත තත්වය පිළිබද පිළීගත් වෛද්‍ය වරයකුගේන් ලබාගත් සහතිකය.
- කාර්මික නිලධාරීන්ගෙන් ලබා ගත් නිවාස සැලැස්ම හා ඇස්තමේන්තුව.
- වයස තහවරු කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ හැදුනුම්පතේ ඡායා පිටපතක්.
- රු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛනරු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන
ආබාධිත ස්වයං රුකියා ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- ආබාදිත බව සඳහන් වෛද්‍ය වාර්තාව.
- සමාජසේවා නිලධාරී වාර්තාව.
- ස්වයං රුකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රුකියා ව්‍යාපෘති වාර්තාව.
- අඩු ආදායම් ලාභින් බවට ග්‍රාම නිලධාරී වාර්තාව.
ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර (රු.3000/=) දීමනාව ලබාදීම
- ආබාධිත තත්වය පිළිබද රජයේ වෛද්‍ය වරයකුගේන් ලබා ගත් වෛද්‍ය වාර්තාව.
- අඩු ආදායම් ලාභි බවට ග්රිම නිලධාරී නිර්දේශය
තනි මා පිය ස්වයං රුකියා ආධාර
- අවුරුදු 50ට අඩු ස්වාමියා මිය ගිය හෝ අතහැරගිය කාන්තාවන්ට මෙම ආධාර ලබා දේ.
- අඩු ආදායම් ලාභින් බව ග්‍රාම නිලධාරී සහතිකය.
- මරණ සහතිකය හෝ අතහැරගිය බවට දිව්රුම් ප්‍රකාශය.
- පාසැල් යන වයසේ දරුවන් සිටී නම් ප්‍රමුකතාවය හිමි වේ.
ආපදා කළමනාකාරණ කටයුතු
- ආධාර ලබාදීම.
- ආධාර සඳහා පරීක්ෂණ හා නිර්දේශ කිරීම.
- වාර්තා සැපයීම.
වෘත්තිය පුහුණුව
- ආබාධිත පුද්ගලයන් සම්බන්ධව වෘත්තීය පුහුණුවට යොමු කීරීම.
- ස්වයං රුකියාවලට යොමු කිරීම
මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු
- මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපනය
Scroll To Top